
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පෙබරවාරි මස ක්‍රිකට් ක්‍රීඩක සම්මානය ඉන්දීය පිතිකරු යසස්වි ජයිස්වාල්ට හිමිව තිබේ.
ඒ සදහා නිර්දේශවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සහ නවසීලන්තයේ කේන් විලියම්සන් අභිබවා යමින් ජයිස්වාල් මෙම සම්මානය හිමිකරන්නා ලදී.
එංගලන්තයට එරෙහිව ඉන්දීය කණ්ඩායම තරග 04ට 01ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජයගැනීමට යසස්වි ජයිස්වාල්ගේ පිතිකරණය වඩාත් ඉවහල් විය.
එම තරගාවලියේදී ඔහු ටෙස්ට් ද්විත්ව ශතක වාර්තා කළ අතර ටෙස්ට් ඉනිමක වැඩිම හයේ පහරවල් (12ක් ) එල්ල කිරීමේ වාර්තාවද සමකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart