
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් එක්සත් අරාබි එමීරයේ ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය රීම් අල් හෂිමි සමඟ හමුවක් සිදුව තිබේ.
ඒ ඇයගේ ඉන්දීය සංචාරය අතරතුරදී නවදිල්ලි නුවරදීයි.
එහිදී කලාපීය සහ ගෝලීය තත්ත්වයන් පිළිබඳ ඉදිරි දර්ශන හුවමාරු කර ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම හමුව සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය Reem Al Hashimy හමුවීමට ලැබීම සතුටට කරුණක් බවයි.
දෙරටේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ ඉදිරි පියවර ගැන එහිදී සාකච්ඡා කළ බව ද ඔහු පවසා තිබේ.
කලාපීය සහ ගෝලීය තත්ත්වය පිළිබඳ ඉදිරිදර්ශන හුවමාරු කර ගත් බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත.
සිය ඉන්දීය සංචාරයේදී එමීරයේ ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය රීම් අල් හෂිමි ඉන්දීය විදේශ ලේකම් විනේ කවත්රා ද හමුවී තිබේ.
එහිදී දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීම සඳහා මාර්ග සාකච්ඡා කර ඇත.
දිල්ලි හි පැවති රැස්වීමේදී, විනේ ක්වාත්‍රා සහ රීම් එබ්‍රහිම් අල් හෂිමි බහුවිධ ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය සමාලෝචනය කළ බව ද ඉන්දීය මාධ්‍ය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart