
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සිවුදෙනකු යාපනය දිස්ත්‍රික්කයට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් තාප ආඝාතයේ බලපෑමෙන් මියගොස් ඇතැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු කියති.
අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වියයුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ජනමාධ්‍ය සාකච්ඡාවක් යාපනය ශික්ෂණ රෝහලේදී පැවති අවස්ථාවේදී එම අවස්ථාවට සහභාගී වූ වෛද්‍යවරු මේ බව පැවසූහ.
යාපනය ශික්ෂණ රෝහලට විවිධ රෝගී තත්වයන් හේතුවෙන් නේවාසිකව ඇතුළත් කරනු ලැබූ රෝගීන්ට පවතින අධික උෂ්ණත්වයට බලපෑම හේතුවෙන් මියයෑමට සිදුවුණු බවටත් අදාළ මරණ එම රෝගීන්ගේ විවිධ රෝග හේතුවෙන් සිදුවුවද එම රෝගීන්ගේ රෝගී තත්වයන් උත්සන්න වීමට අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන තාප ආඝාතය ප්‍රධාන වශයෙන් බලපෑ බවටද මෙම ජනමාධ්‍ය සාකච්ඡාවේදී වෛද්‍යවරු කීහ.
එම රෝගීන්ගේ රෝගී තත්වයන්ට අමතරව තාප ආඝාතය බලපෑමෙන් වකුගඩු, හෘදයේ සහ පෙනහළුවල ක්‍රියාකාරීත්වය අඩපණවීම මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වය ද අඩපණ වන බවට වෛද්‍යවරු මෙහිදී පෙන්වා දුන්හ.
පසුගිය සතියකට අධික කාලයක් තුළ යාපනයේ බොහෝ ස්ථානයන්හි සෙල්සියස් අංශක 40 කට අධික උෂ්ණත්වයක් වර්තා වූ අතරම එය වයෝවෘද්ධ පිරිස් වෙනුවෙන් වැඩි වශයෙන් බලපාන බවට ද වෛද්‍යවරු පැවසූහ.
මේ හේතුව නිසා ශරීරයේ යහපත් ජල මට්ටමක් පවත්වාගැනීම සඳහා සෑම විටම ජනතාව සැළකිලිමත් විය යුතු බවටත් කොමඩු, පිපිඤ්ඤා, කරවිල, පළතුරු ආදිය නිතර ආහාරයට ගත යුතු බවටත්, නිතරම තමන්ගේ මුහුණ මෙන්ම ඇහිබැමද සේදීමට සැලකිලිමත් වීමෙන් තාප ආඝාතය වැළඳීමෙන් ආරක්ෂා විය හැකි බවටත් යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වාදුන්හ.
මේ අතර යාපනය පුන්නලයිකට්ටුවාන් ප්‍රදේශයේදී අධික උෂ්ණත්වය හේතුවෙන් තවත් පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
සිවඥානම් ජයකුමාර් නමැති 46 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මරණයට පත්ව ඇත්තේ, අධික රශ්මිය හේතුවෙන් විජලනයට පත්වීමෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart