
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක ගුවන්තොටුපොළ බලා පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකදී ගුවන් සේවිකාවකට ලිංගික හිරිහැර කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකික මගියෙකු ඇප මත නිදහස් කර ඇත.
වාර්තාවලට අනුව, ඩුබායි සිට පැමිණි ගුවන් ගමනේදී, 39 හැවිරිදි දකුණු අප්‍රිකානු ගුවන් සේවිකාවකට ලිංගික හිරිහැර කළ බවට චෝදනා ලැබ සිටි සැකකරු, 2025 මැයි 29 වැනි දින කටුනායක ගුවන්තොටුපළට පැමිණි පසු අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි නෞකාවක කපිතාන්වරයකු ලෙස පොලිසිය හඳුනාගෙන තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ ඔහු අධික ලෙස බීමතින් සිටි බව අනාවරණය වී ඇත.
ගුවන් සේවිකාව සිද්ධිය පිළිබඳව වහාම නියමුවාට දැනුම් දී ඇති අතර, ගොඩබෑමේදී ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පරීක්ෂා කර ඇති අතර, ඔහු මත්පැන් පානය කර ඇති බව තහවුරු කර ඇත.
ඔහු 2025 මැයි 29 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, පසුව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart