
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රසායනාගාරයක් ප්‍රථම වරට යාපනයේ චුන්නාගම් ප්‍රදේශයේදී ‘යුක්තිය’ මෙහෙයුමේ යෙදී සිටින යාපනයේ අපරාධ
කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වටළා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටළීම මෙහෙයවූ යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් විශාන්ත දිවයිනට පවසා ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු හෙළිකළ තොරතුරු අනුව මෙම රසායනාගාරය වැටළූ බවයි.
චුන්නාගම් ප්‍රදේශයේ නිවසක රසායනාගාරයක් තනා, මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවයි.
මෙම රසායනාගාරයේ සිටි ප්‍රධාන සැකකරු පළාගොස් ඇති අතර ඔහු ආවා කල්ලියේ ප්‍රධානියකු ලෙස ද කටයුතු කර ඇති බව පොලිසිය කියයි.
මෙම රසායනාගාරයේ තිබූ අමුද්‍රව්‍ය විශේෂඥයන් විසින් පරීක්‍ෂා කරනු ලැබූ මොහොතේ අයිස් මත්ද්‍රව්‍ය තැනීම සඳහා මෙම අමුද්‍රව්‍ය යොදාගන්නා බවට විශ්වාස කරන බවද සනාථ කර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසා තිබේ.
මෙම අමුද්‍රව්‍ය වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙතට යවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart