
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනඩාවේ ඔන්ටාරියෝ ලොතරැයි සහ ක්‍රීඩා සංස්ථාව (OLG) විසින් ජුනි 06 දින දිනුම් ඇදීමෙන් ඉහළම Lotto Max ත්‍යාගය ලෙස ඩොලර් මිලියන 35ක මුදලක් හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජේ ජයසිංහ සමත්වී ඇත.
මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 800 ඉක්මවන ත්‍යාගයකි.
එරට සාමාන්‍ය සේවකයෙක් වන ඔහු මෙම මුදල් ත්‍යාගය ලැබීමෙන් පසු, තම පවුල සඳහා නව නිවසක් මිලදී ගැනීමට, ඔහුගේ දියණියගේ අධ්‍යාපනයට සහ සංචාරය කිරීමට සැලසුම් කර තිබේ.
අනාගතය ගොඩනගා ගැනීම සඳහා කැනඩාවට පැමිණීමට හැකිවීම ගැන ඔහු සතුටුවන බවත්, එම තීරණය ඔහුගේ ජීවිතය වෙනස් කරන බව දැන සිටියද, මෙතරම් ජයග්‍රහණයක් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ බවත්, ජේ ජයසිංහ සඳහන් කරයි.
ටිකට් පරීක්ෂා කිරීමට ගිය ඔහුට ත්‍යාග මුදල තිරයේ දිස් වූ විට ඔහුට අදහාගත නොහැකි වී තිබේ. ඔහු තම ටිකට් පත නැවත නැවතත් ස්කෑන් කර ඔහුගේ ජයග්‍රහණවල බිංදු ගණන ගණන් කළ බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart