
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 11ක් සැපිරේ.
බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවති 2014 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට එක්වුණේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවය.
පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස්කිරීමට හැකි වුණේ ලකුණු 130ක් පමණි.
එහිදී විරාත් කෝලි ලකුණු 77ක් රැස්කළේය.
ලකුණු 131ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 05ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී සිටියදිය තරගය ජයගත්තේය.
කුමාර් සංගක්කාර පන්දු 35 කදී නොදැවී ලකුණු 52ක් ලබා ගැනීමට සමත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart