
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ නගරයේ ඉදිකර තිබෙන නවතම සුපිරි හෝටලය වන ITC රත්නදීප අප්‍රේල් 25 වැනිදා දින විවෘත කෙරේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම උත්සවයට අගමැති දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ද සහභාගී වීමට නියමිතය.
කොළඹ 01 ගාලු පාරේ පිහිටා ඇති ITC රත්නදීප හෝටලය ITC හෝටල් ව්‍යාපෘතියේ පළමු අන්තර්ජාතික හෝටලයයි.
එය කීර්තිමත් ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන ලද ප්‍රථම සංවර්ධන ව්‍යාපෘතිය වේ.
ITC රත්නදීප ලෙස නම් කර ඇති හෝටලය කාමර 350කින් සමන්විත වේ.
ඊට යාබද Sapphire Residencies නම් සුඛෝපභෝගී නේවාසික ගොඩනැගිල්ල අක්කර 5.86ක භූමි භාගයක පිහිටා ඇත.
තට්ටු 30 කින් යුත් හෝටලය සහ තට්ටු 50කින් යුත් නේවාසික ගොඩනැගිල්ල, පොළවේ සිට මීටර් 100ක් ඉහළින් පිහිටි අහස් පාලමකින් සම්බන්ධ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart