
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මගීන් 16 දෙනකුට මරු කැඳවූ ඇල්ල බස් අනතුර සිදු වූ බස් රථයේ චැසි අංකය නිවැරදි නොවන බව මේ වන විට තහවුරු වී ඇත.
එම අනතුර සම්බන්ධව සොයා බැලීමට පත්කළ 8 දෙනකුගෙන් යුත් කමිටුවේ වාර්තාවට අනුව එම අංකය නිවැරදි නොවන බව තහවුරු කරගෙන තිබේ.
බස් රථයේ චැසියේ මුද්‍රිත චැසි අංකය, ලියාපදිංචි සහතිකය, Body Tag සහ මෝටර් රථ ප්‍රවාහන දත්ත පද්ධතිය හා එය නොගැලපෙන බවට එම කමිටුව විසින් වාර්තා කර ඇත.
අන්තර්ජාතික ප්රමිතීන් අනුව චැසි අංකය අක්ෂර 17කින් යුක්ත විය යුතු නමුත්, චැසිය මත මුද්‍රිත චැසි අංකයේ අක්ෂර 18ක් ඇති බව කමිටු වාර්තාවේ දැක්වේ. ලියාපදිංචි සහතිකය සහ Body Tagහි සඳහන් අක්ෂර 17කින් යුත් චැසි අංකය නිවැරදි චැසි අංකය බවට නිගමනය කළ හැකි බවත් චැසිය මත තෙරපා ඇති අංකය දේශීයව මුද්‍රණය කර ඇති බවට නිර්දේශ කර තිබේ.
අදාළ බස් රථයේ චැසි අංකය ලෙස දැක්වෙන්නේ MB1PB8EHA7BAPD2693 වන අතර, එහි 5 වැනි අක්ෂරය වන B අමතර අක්ෂරයක් බව හෙළිව තිබේ.
එම නිසා රථයේ චැසි අංකය සැක සහිත බව වාර්තා කර තිබේ.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart