September 7, 2025

පාසල් දිනවල පෙ.ව. 6:30 සිට පෙ.ව. 7:45 දක්වා සහ පෙ.ව. 11:30 සිට ප.ව. 2:30 දක්වා ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබේ.

සති කිහිපයකට පෙර පාසල් වෑන් රථයක් වැලි ටිපර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පසු පැවති සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගත් බව කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් පැවසුවාය.

ඒ අනුව, මෙම කාලපරිච්ඡේද තුළ ඛනිජ ප්‍රවාහනයේ යෙදෙන වාහන ප්‍රධාන මාර්ගවලින් බැහැර සුදුසු ප්‍රදේශවල නවතා තැබිය යුතු බව ඇය ප්‍රකාශ කළාය.

සැප්තැම්බර් 4 වැනි දින සිට රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා උපදෙස් නිකුත් කර ඇති බව ඇය තවදුරටත් පැවසුවාය.