
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාසා තීරයෙන් මුදාහරින සෑම ප්‍රාණඇපකරුවකු සඳහාම අදාළ පාර්ශවයට ඩොලර් මිලියන 5ක් ත්‍යාගයක් ලෙස ලබාදෙන බවත් හමාස් ග්‍රහණයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල ජාතිකයින් නිදහස් කිරීමට උදව් කරන පුද්ගලයන්ට යුද්ධයෙන් විනාශ වූ පලස්තීන භූමියෙන් පිටතට යෑමට මාර්ගයක් ලබාදෙන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.
නෙතන්යාහු මේ බව ප්‍රකාශයට පත්කළේ ඊයේ ගාසාවේ සිදුකළ කෙටි සංචාරයකදීය.
“මෙම පැටළීමෙන් ඉවත් වීමට කැමති අයට, මම මෙසේ කියමි කවුරුන් හෝ අපට ප්‍රාණඇපකරුවෙකු ගෙන එන්නේ නම්, ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ආරක්ෂිත මාර්ගයක් සොයාගත හැකිය.”
”අපි සෑම ප්‍රාණඇපකරුවෙකු සඳහාම ඩොලර් මිලියන 5ක් ලබාදෙන්නෙමු, ”නෙතන්යාහු පලස්තීන භූමියේ ඔහුගේ කෙටි සංචාරය අතරතුර පැවසීය.
“තේරීම ඔබගේ ය, නමුත් ප්‍රතිඵලය සමාන වනු ඇත: අපි ඔවුන් සියල්ලන් ආපසු ගෙන එන්නෙමු,” ඔහු පැවසීය.
ප්‍රාණඇපකරුවන් 101 ක් පමණ ගාසා තීරයේ සිටින බව ඊශ්‍රායලය ඇස්තමේන්තු කරන නමුත් එම සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ දැනට මියගොස් ඇතැයි විශ්වාස කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart