
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්ත ජාලයට සම්බන්ධ වීම සඳහා 15 හැවිරිදි පාසල් සිසුවියක්ව සිටියදී එක්සත් රාජධානියෙන් පළාගිය, ලන්ඩනයේ උපන්, බංග්ලාදේශ සම්භවයක් ඇති ෂමීමා බෙගම්ට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය නැවත ලබාදීම අද ප්‍රතික්ෂේප කෙරිණි.
එම තීන්දුවෙන් අදහස් වන්නේ 24 හැවිරිදි ඇය තවදුරටත් සිරියාවේ සිටිය යුතු බවයි.
2019 දී ජාතික ආරක්‍ෂාව මත බ්‍රිතාන්‍යය රජය ඇයගේ පුරවැසිභාවය ඉවත් කළේය.
ෂමීමා බෙගම් මීට වසර නවයකට පෙර, වයස අවුරුදු 15 දී ලන්ඩන් නුවරින් පිටත්ව ගියේ සිරියාවට ගොස් ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම හෙවත් ISIS සංවිධානයට සම්බන්ධ වීමටය.
අභියාචනා විනිසුරුවරුන් තිදෙනෙකුගේ මෙම තීන්දුව ඒකමතික විය. ෂමීමා බෙගම්ට අවශ්‍ය නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කළ හැකිය.
උසාවි තීන්දුවට ප්‍රතිචාර දක්වමින් ස්වදේශ කටයුතු කාර්යාලය සිකුරාදා තීන්දුව ගැන “සතුටට පත්වන” බව කියා සිටියේ, “එක්සත් රාජධානියේ ආරක්ෂාව පවත්වාගෙන යෑමේ ප්‍රමුඛතාවය දිගටම පවතින” බව පවසමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart