
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදු වංචාවලට සම්බන්ධ විය හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.
නව දූෂණ විරෝධී පනත යටතේ මන්ත්‍රීවරුන් විසින් වත්කම් ප්‍රකාශ කිරීම සිදුකළ යුතුය.
වාර්තා වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු දැල පුළුල් කිරීමේ උත්සාහයන් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ විය හැකි වංචාවන් ඉලක්ක කර ඇත.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ වැඩ සටහනේ දක්වා ඇති පරිදි රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව මෑතකදී පියවර රැසක් ගෙන තිබේ.
බදු අනුපාත ඉහළ නැංවීමට අමතරව බදු ජාලය පුළුල් කිරීමට ද පියවර ගෙන ඇත.
බදු ගෙවීම පැහැර හරින අයව හසුකර ගැනීම සඳහා ආදායම් එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු බව පාර්ලිමේන්තු කමිටුවක් ද මීට පෙර දැනුම් දී තිබිණි.
මාර්තු 31 දිනෙන් අවසන් වූ පළමු කාර්තුව සඳහා මෙරට බදු ආදායම් ඉලක්කය සියයට හයකින් ඉහළ නංවා ගැනීමට ආදාළ ආයතන සමත් වී තිබේ.
ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකතු කිරීමේ ආයතන තුනයි.
රජය 2024 වසර සඳහා රුපියල් බිලියන 4,106ක බදු ආදායමක් අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart