
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි රැගත් හෙලිකොප්ටර් රථ පෙළකින් එක් හෙලිකොප්ටරයක් හදිසි ආපදා තත්ත්වයකට ලක්ව ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග තිදෙනෙකුගෙන් යුත් පිරිසක් එම හෙලිකොප්ටර් රථ පෙළේ එක් හෙලිකොප්ටරයක් තුළ සිටි බව ද වාර්තා වේ.
ජනාධිපති රයිසි ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාත බලා යමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇති බව ද සඳහන්.
ඉරාන රජයේ රූපවාහිනිය වාර්තා කළේ අනතුර සිදුවූ ස්ථානයට මුදාගැනීමේ කණ්ඩායම් යවා ඇති බවයි.
ජනාධිපතිවරයාට අමතරව ඔහු ගමන් ගත් හෙලිකොප්ටරයේ විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සිටි බව ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
අයහපත් කාලගුණික තත්ත්වයන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල කර ඇතැයි පැවසේ.
කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් ඉරාන මාධ්‍ය වැඩිදුර තොරතුරු වාර්තා කර නැහැ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart