
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට ලක්වීම හේතුවෙන් ඉරානය මේ වනවිට දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.
රාජ්‍ය මාධ්‍ය විසින් අනතුරක් ලෙස විස්තර කළ ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අතුරුදහන් වූයේ අසර්බයිජාන දේශසීමාවේ සිට පැමිණෙමින් සිටියදී දැඩි මීදුම සහිත කඳුකර ප්‍රදේශයකදීයි.
ජනාධිපතිවරයා සමග අදාළ හෙලිකොප්ටරයේ ගමන් ගත් ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් ද අනතුරින් අනතුරින් අතුරුදන්ව සිටියි.
සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් 60 ක් පමණ මීදුමෙන් වැසී ගිය කඳුකර ප්‍රදේශයක් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් සිදු කරන බව සඳහන්.
කෙසේවෙතත් මේවනවිට ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට ලක්වූ ස්ථානයක හෝ හදිසි ගොඩබෑමකට ලක් කළ ස්ථානය සොයා ගැනුණු බව ඉරාන සහන කණ්ඩායම් තහවුරු කර තිබේ.
එහෙත් ජනාධිපතිවරයාට වූයේ කුමක්ද සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා කර නැහැ.
උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඉරාන ජාතිකයින්ගෙන් ඉල්ලා සිටියේ ඉස්ලාමීය ජනරජයේ නායකත්වය ගැන කනස්සල්ලට පත් නොවන ලෙසයි.
රටේ වැඩකටයුතුවලට බාධාවක් සිදු නොවනු ඇති බව ද ඔහු පවසා තිබේ.
සර්වබලධාරී දෙවියන් වහන්සේ අපගේ ආදරණීය ජනාධිපතිවරයා ඇතුළු පිරිස පූර්ණ සෞඛ්‍ය සම්පන්නව ජාතියේ දෑතින් නැවත ගෙන එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු යනුවෙන් ද ඔහු ජාතික රූපවාහිනිය අමතමින් කියා සිටියේ රයිසිගේ ආරක්ෂිත නැවත පැමිණීම සඳහා මුස්ලිම් ඇදහිලිවන්තයන් යාඥා කරන විට ය.
ඉරාකය, කුවේට්, කටාර්, සෞදි අරාබිය, සිරියාව, රුසියාව සහ තුර්කිය සහ යුරෝපා සංගමය ද ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart