July 15, 2025

2010 සිට 2025 දක්වා වසර 15 ක කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සිදු වූ දැවැන්ත වංචා, අල්ලස් සහ ප්‍රසම්පාදන අක්‍රමිකතා පිළිබඳ පුළුල් ජනාධිපති විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශාලතම දූෂණ විරෝධී විමර්ශනවලින් එකක් ලෙස සැළකෙන ඒ සඳහා හිටපු විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය දිගුකාලීනව පාඩු ලැබීම සහ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම සම්බන්ධ ජනප්‍රිය නොවන ටෙන්ඩර් ක්‍රියාවලි මාලාවක් හේතුවෙන් මෙම ඉහළ මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ රටේ ගුවන් සේවා අංශයේ වගවීම සහ පාලනය සහතික කිරීම සඳහා පාලක ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ශවකරුවන් කිහිපදෙනකුගෙන් දිගින් දිගටම එල්ල කළැ බලපෑම් මධ්‍යයේයි.

මෙම කාලය තුළ දැවැන්ත අක්‍රමිකතාවක් සිදුවූ ව්‍යාපෘතියක් ලෙස චෝදනා ලබා ඇත්තේ, ගුවන්තොටුපොළේ II අදියර පුළුල් කිරීමයි.

කතාබහට ලකවූ අනෙක් හෙළිදරව්ව වූයේ නුසුදුසු ලෙස සහතික කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් සම්බන්ධ ක්‍රියා පටිපාටි උල්ලංඝනයක් සම්බන්ධයෙන් Sojitz-Larsen & Toubro (L&T) සමුහය කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුව මගින් නුසුදුසු බවට ප්‍රකාශයට පත්කිරීමයි.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විමර්ශන අතර 2013 වසරේදී සිදුවූ බව කියන ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව වැනි අපකීර්තිමත් ගනුදෙනු පවතී.

ඩොලර් බිලියන 1.8ක ගුවන් යානා මිලදී ගැනීමකට අදාළව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාතික නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වූ බවට චෝදනා එල්ල වී තිබේ.

වත්මන් විමර්ශනය වැරදිකරුවන්ට එරෙහි ක්‍රියාමාර්ග, ආයතනික ප්‍රතිසංස්කරණ සහ දේශපාලන ඇඟිලි ගැසීම්වලට එරෙහිව ක්‍රියාමාර්ගවල පුළුල් වෙනස්කම් නිර්දේශ කිරීමට නියමිතය.