
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ මුදලට අලෙවි කරන බව කියන ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන අන්තර්ජාතික සංවිධානයක් විසින් ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි එම කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා වෙත කරුණු වාර්තා කර තිබේ.
ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු වට්ස්ඇප් කණ්ඩායම් භාවිත කරමින් කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදාහරිමින් සිටින බවට අදාළ සංවිධානය ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත.
අවුරුදු 02, 03, 05 සහ 07 යන වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැනු දරුවන්ගේ ලිංගික හා අසභ්‍ය දර්ශන ඇතුළත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන රුපියල් 1000/=, 2000/= හා 3000/= වැනි මුදලට මෙම පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කරන බව අදාළ පැමිණිල්ලේ සඳහන් බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart