
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට, අගවිනිසුරුවරයා හැර වෙනත් විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය මේ වසරේ ඔක්තොම්බර් 04 දක්වා බලපැවැත්වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ නීතීඥවරයකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුවයි.
අභියාචනාධිකරණයේ වත්මන් සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කර ඇති නිර්දේශය අනුමත කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියෝග කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකළේ වෘත්තියෙන් නීතීඥ සරිත් මහීපුත්‍ර පතිරත්නයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වන අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නිමල් සිරිපාල ද සිල්වා, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් පෙත්සම්කරු මෙම පෙත්සම ගොනුකළේය.
පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වන්නේ, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart