
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමටගොඩ ගුවන් පාලම යට අලුත උපන් බිළිඳකු දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
ඒ අසලින් ගිය අයකු විසින් දෙමටගොඩ පොලිසියට කළ දැනුම් දීමකට අනුව රෙදි කැබැල්ලක ඔතා තිබූ මෙම බිළිඳිය සොයාගෙන ඇත.
නිලධාරීන් වහාම බිළිඳිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා ඇත.
කෙසේවෙතත්, පරීක්ෂා කිරීමේදී බිළිඳා ඒ වන විටත් මියගොස් ඇති බව රෝහල් බලධාරීහු තහවුරු කර තිබේ.
හොඳ ශරීර සෞඛ්‍යයකින් පසුවූ බව පෙනී ඇති මෙම බිළිඳිය අතහැර දැමීමට දිනකට හෝ දෙකකට පෙර උපත ලබා ඇති බව මූලික විමර්ශනවලින් පෙනීගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart