
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව ණය අර්බුදය කර ගමන කළ 2015-2019 වකවානුවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාවූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති වූ, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) හිටපු විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම් සහ IMF විකල්ප විධායක අධ්‍යක්ෂවරයකු වූ මහින්ද සිරිවර්ධන, එම අවදානම පිළිබඳව අනතුරු ඇඟවීමක් නොකිරීම අභිරහසක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි. ඔහු මේ බව පවසන්නේ සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේය.
ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයකට ලක්වූයේ අන්තර්ජාතික මූල්(IMF) අරමුදල සමග සමීපව ණය වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටි වකවානුවක් බවද හිටපු මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ විදේශ ණය අර්බුදය නිර්මාණය වී ඇත්තේ 2015-2019 කාලය තුළ බවත්, එහි තීරණාත්මකම කරුණ වන්නේ, 2018 අප්‍රේල් සිට 2019 ජුනි දක්වා මාස 15ක කාලය තුළ ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 6,900ක් විදේශ ස්වෛරී බැඳුම්කර ලෙස, විදේශ ණය ලබාගෙන තිබීම බවත් ඔහු ප්‍රකාශ කරයි.
2015 වසරේදී ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ණය ගිවිසුමකට සම්බන්ධව සිටි බව පෙන්වාදෙන හිටපු මහ බැංකු අධිපතිවරයා, රට මෙතරම් විශාල ණය අර්බුදයකට ලක්වෙමින් සිටියදී, 2015-2019 වකවානුවේදී, එම අර්බුදය දකිමින් මූල්‍ය අරමුදල නිශ්ශබ්ධව සිටි බවත් ප්‍රකාශ කරයි. එම කාලය තුළ සිය ණය වැඩසටහන මධ්‍යයේ විදේශ ණය ලබාගැනීම සම්බන්ධයෙන් IMF ශ්‍රී ලංකා රජයට අනතුරු ඇඟවීමක් නොකළේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart