
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාව අතර අධිවේගී මගී යාත්‍රා සේවාව සෙනසුරාදා සිට ආරම්භ කරන බව නාගපට්ටිනම් වරාය බලධාරීන් උපුටා දක්වමින් ANI ප්‍රවෘත්ති සේවාව වාර්තා කරයි.
ඉන්දීය රුපියල් 6500ක් සහ බදු ඇතුළත් ලෙස මුලින් සඳහන් කර තිබූ ප්‍රවේශ පත්‍රයක මිල පළමු සංචාරය සඳහා ඉන්දීය රුපියල් 2800ක් දක්වා අඩුකර තිබේ.
මේ වන විට මගීන් 30 දෙනකු පළමු සංචාරය සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගෙන ඇතැයි ANI වාර්තා කර තිබේ.
වසර 40ක පමණ කාලයකට පසුව දෙරට අතර මගී යාත්‍රා සේවාව මෙලෙස ආරම්භ වේ.
යාත්‍රා සේවාව පසුගිය 10 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණද පරිපාලන ගැටලු හේතුවෙන් එය කල්දමනු ලැබීය.
අත්හදා බැලීමේ චාරිකාවක් පසුගිය 08 වැනිදා ක්‍රියාත්මක කෙරිණි.
නාගපට්ටිනම් සිට කන්කසන්තුරෙයි දක්වා දුර කිලෝ මීටර් 111ක් වන අතර, ගමනට ගත වන කාලය පැය තුනකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart