
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ යාපනය, කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව යළි ක්‍රියාත්මක වීම ඇරඹෙයි.
එම සේවාව චෙරියපානි යාත්‍රාව සමගින් පළමු වරට ඇරඹුණේ 2023 ඔක්තෝබර් මාසයේදීය.
IndSri Ferry Services විසින් මෙහෙයවනු ලබන ‘Sivagangai’ නම් යාත්‍රාව මගීන් 50ක් පමණ රැගෙන ඊයේ පැය හතරක පමණ කාලයක් තුළ සිය මංගල ගමන නිම කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල්වරයා විසින් කන්කසන්තුරේ වරායේ දී මගීන් උණුසුම් ලෙස පිළිගනු ලැබූවේ දෙරට අතර සමුද්‍රීය සබඳතාව වැඩිදියුණු කිරීමේ ප්‍රයත්නයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරමිනි.
යාත්‍රා සේවාව වඩාත් දැරිය හැකි මට්ටමකට ගෙන ඒම සඳහා, නාගපට්ටිනම් වරායේ අදාළ ගාස්තු සහ මෙහෙයුම් වියදම් පියවා ගැනීමට ඉන්දියානු රජය වසරකට රුපියල් මිලියන 25කට අධික මූල්‍ය ආධාර සපයයි.
මීට අමතරව යාත්‍රා සහ නැව් මගින් ශ්‍රී ලංකාවෙන් පිටවන මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද ශ්‍රී ලංකා රජය විසින් අඩු කර ඇත.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව පුළුල් කිරීමට සහ ආර්ථික සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අමතර මාර්ග සහ සේවා තවදුරටත් ගවේෂණය කිරීමට සැලසුම් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart