
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිල ස්ථාවර කිරීම සඳහාත් දේශීය වෙළෙඳ පොළ සඳහා ප්‍රමාණවත් සැපයුමක් ලබාගැනීම සඳහාත් අපනයනය කරන ලොකු ළූණු මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 800ක් ලෙස සහතික මිලක් නම්කිරීමට ඉන්දියාව පියවරගෙන තිබේ.
මෙම සහතික මිල දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙනු ඇත.
එරට රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ශීත ඍතු අස්වනු අඩුවත් සමග 2023 සඳහා ගබඩා කරන ලද ළූණු ප්‍රමාණය අඩුවෙමින් පවතින බැවින් ගෘහස්ථ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ළූණු ප්‍රමාණවත් ලෙස ලබා ගැනීමට මෙම පියවර ගෙන ඇති බවයි.
රජය විසින් දැනටමත් ලබාගෙන ඇති ටොන් 500,000ට වඩා වැඩි ළූණු ප්‍රමාණයට අමතරව ආරක්‍ෂිත තොගයක් ලෙස තවත් ටොන් 200,000ක් මිලදී ගන්නා බව නිවේදනය කර තිබේ.
දේශීය වශයෙන් ළූණු සැපයුම පවත්වාගැනීම සඳහා ඉන්දියාව අගෝස්තු මාසයේදී ළූණු සඳහා 40%ක අපනයන බද්දක්ද පනවනු ලැබුවේ දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන ලෙසයි.
ළූණු සඳහා පනවා ඇති මෙම අපනයන බද්ද සහ සහතික මිල හේතුවෙන් එරටින් ළූණු ආනයනය කරන රටවල ළූණු මිල ගණන් සඳහාද බලපෑමක් එල්ලවනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart