
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්එන්ජි (Petronet LNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වාභාවික වායු (LNG) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් අද(21) උදෑසන සැලසුමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
දිගුකාලීන ද්‍රව ස්වාභාවික වායු (LNG) විදුලි උත්පාදන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නා තුරු විදුලිබල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600ක ධාරිතාවක් ද්‍රව ස්වාභාවික වායු (LNG) මගින් ජනනය ආරම්භ කරමින් විදුලිබල උත්පාදන කිරීම මගින් වියදම අවම කර ගැනීම සිදු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
මෙම සාකච්ඡාවට පැමිණි ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේට, මෙරටට ලබාදෙන සහය වෙනුවෙන් විෂය භාර ඇමැතිවරයා ස්තුතිය පළකර තිබේ.
මෙම සාකච්ඡාවට ඉන්දියනු මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්, ඛණිජ තෙල් සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සහ පෙට්‍රෝනෙට් LNG සමාගමේ නිළධාරින්ද සහභාගි වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart