
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසර අට තුළ ඉන්දියාවේ ආරක්ෂක උපකරණ අපනයනය 1000%කට වඩා වර්ධනය වීමත් සමඟ ඉන්දියාව ගෝලීය ආයුධ වෙළඳපොලේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
එම අපනයන මේවනවිට ලොව පුරා රටවල් 85කට වැඩි ප්‍රමාණයකට ළඟා වී ඇතැයි ද සඳහන්.
ඉන්දියාවේ ආරක්ෂක නිෂ්පාදන අපනයනය කිරීමට සමාගම් 100කට අධික සංඛ්‍යාවක් ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටින බව ද පැවසෙයි.
ගෝලීය වශයෙන් ඉහළම ආරක්ෂක අපනයනකරුවන් 25 දෙනා අතරට ඉන්දියාව පැමිණ ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වෙරළබඩ නිරීක්ෂණ පද්ධති සහ නාවික යාත්‍රාවල සිට මිසයිල සහ රොකට් දියත් කිරීම් දක්වා ඉන්දියාවේ ආරක්ෂක නිෂ්පාදනය ව්‍යාප්ත වී තිබේ.
එබැවින් ආරක්ෂක උපකරණ නිෂ්පාදනයේ ඉන්දියාවේ වර්ධනය ගෝලීය වේදිකාව තුළ ඔවුන්ගේ උපායමාර්ගික පැවැත්ම වැඩි දියුණු කර ඇති බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.
ඉන්දියාව මේවනවිට ගෝලීය ආයුධ වෙළඳාමේ විශ්වාසදායක සැපයුම්කරුවෙකු ලෙස ස්ථානගත වී සිටියි.
එහි ආරක්ෂක අපනයනය 2023-24 දී මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වූ ඉන්දීය රුපියල් රුපියල් කෝටි 21,083 දක්වා වර්ධනය වී ඇත.
එය 32.5% ක වර්ධනයක් බව සඳහන්.
2022-23 කාලසීමාවේදී ඉන්දියාවේ ආරක්ෂක අපනයන ඉන්දීය රුපියල් කෝටි 15,920 ක් බව පැවසෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart