
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අදානි සමූහ ව්‍යාපාරයට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සතියේ තුන්වැනි දිනටත් සභාවේ කටයුතුවලට බාධා කිරීම නිසා ඉන්දීය පාර්ලිමේන්තුවේ සභා දෙකම අද කටයුතු ආරම්භ වී මිනිත්තු කිහිපයක් ඇතුළත තාවකාලිකව අත්හිටුවනු ලැබිණි.
අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි, ඔහුගේ බෑණනුවන් වන සාගර් අදානි සහ Adani Green සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Vneet S. Jaain, ඉන්දියානු සූර්ය බලශක්ති සැපයුම් කොන්ත්‍රාත්තු ආරක්ෂා කර ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 265ක අල්ලස් දීමක් සම්බන්ධයෙන් සහ අරමුදල් රැස් කිරීමේදී අමෙරිකානු ආයෝජකයන් නොමඟ යවන බවට අමෙරිකානු බලධාරීන් චෝදනා කර ඇත.
“අපිට ඕන මේ ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් කරන්න. අදානි ප්‍රශ්නය ගැන අපි අගමැතිතුමාගෙන් පිළිතුරක් ඉල්ලන තුන්වැනි දවසයි.” යනුවෙන් අදානි සමාගමට එරෙහි විරෝධතාවලට නායකත්වය දුන් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නීති සම්පාදකයකු වන මානික්කම් තාගෝර් ඉන්දීය මාධ්‍ය වෙත පැවසීය.
ඉන්දියාවේ බොහෝ විරුද්ධ පක්ෂ අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය, අදානිට පක්ෂව කටයුතු කරන බවටත්, ඔහුට එරෙහිව ඉන්දියාවේ පරීක්ෂණ අවහිර කරන බවටත් චෝදනා කරයි.
අදානිගේ දැඩි විවේචකයකු වන කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි පැවසුවේ 62 හැවිරිදි ගෞතම් අදානි අත්අඩංගුවට ගත යුතු බවයි.
චෝදනාව සම්බන්ධයෙන් රජය කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැති අතර, අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය පවසන්නේ තමන්ට අදානි ආරක්ෂා කිරීමට හේතුවක් නොමැති බවයි.
පක්ෂය කර්මාන්තකරුවන්ට එරෙහි නොවන බවත් ඔවුන් ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නවල හවුල්කරුවන් ලෙස සළකන බවත් භාරතීය ජනතා පක්ෂය පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart