
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කල්කටා මහාධිකරණය බ්‍රහස්පතින්දා ‘සීතා’ නම් සිංහ ධේනුවගේ සහ ‘අක්බර්’ නම් සිංහයාගේ නම් වෙනස් කරන ලෙස ප්‍රාන්ත රජයට නියම කළ අතර, මෙම නම් ලබා දුන්නේ කවුදැයි විමසා ආන්දෝලනයක්ද ඇති කළේය.
මෙම සිංහයන්ගේ නම් වෙනස් කරන ලෙසට විශ්ව හින්දු පරිෂද් නම් සංවිධානයක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අධිකරණය විසින් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත.
මෙම සතුන් හින්දු දෙවි කෙනකුගේ හෝ මුස්ලිම් නබිවරයකුගේ හෝ නිදහස් සටන්කරුවකුගේ හෝ නොබෙල් ත්යාගලාභියකුගේ නමින් නම් කරන්නේ දැයි අධිකරණය ප්‍රාන්ත රජයේ නීතීඥවරයාගෙන් විමසා තිබේ.
රටේ ජනතාව අතර ගෞරවාදරයට පාත්රවූ අයකුගේ නමින් සතුන් නම්කර ගැටළු නිර්මාණය නොකරන ලෙසද අධිකරණය දැනුම්දී ඇත.
ත්‍රිපුර සත්වෝද්‍යානයෙන් ගෙන ආ මෙම සිංහ යුගල බටහිර බෙංගාල සත්වෝද්‍යාන බලධාරීන් විසින් ‘අක්බර්’ සහ ‘සීතා’ ලෙස නම් කර ඇතැයි වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart