
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාලදිවයිනේ ක්‍රියාත්මක ඩොලර් මිලියන 23ක් වටිනා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 65ක් සඳහා සහය දක්වන බව ඉන්දියාව පවසයි.
එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ස්ථාවර ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ද මාලදිවයිනේ ඉන්දීය දූත මණ්ඩලය පෙන්වා දෙයි.
2023 නොවැම්බර් දක්වා අනුමත කර ඇති ඉන්දීය රජයේ ප්‍රදාන ආධාර යටතේ මාලදිවයිනේ ක්‍රියාත්මක ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 47 න් අටක් පමණ දැනටමත් නිම කර ඇත.
මෑත කාලයේ වර්ධනය වූ රාජ්‍ය තාන්ත්‍රික ගැටුම නොතකා, ඉන්දියාව මාලදිවයිනේ ඩොලර් මිලියන 23 ක් වටිනා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති 65 කට සහාය දෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ප්රදානය ඉන්දීය රජය විසින් සපයන අතර, මාලදිවයින් රජය විසින් නියම කරන ලද ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව එම ව්‍යාපෘති තෝරා ගනු ලැබේ.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මාලදිවයින් රජය විසින් පත් කරන ලද ආයතන සම්බන්ධ කර ගනිමින් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම විශේෂත්වයක්.
ඉන්දියානු ප්‍රදාන යටතේ මාලදිවයිනේ සිදු කෙරෙන ව්‍යාපෘති අතර මත්ස්‍ය සැකසුම් කම්හල්, මත්ද්‍රව්‍ය නාශක මධ්‍යස්ථාන, සංස්කෘතික මධ්‍යස්ථාන, තරුණ මධ්‍යස්ථාන සහ ක්‍රීඩා සංකීර්ණ පිහිටුවීම ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart