
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ කැනඩාව අතර අන්‍යෝන්‍ය රාජ්‍යතාන්ත්‍රික පැවැත්මේ සමානාත්මතාවය අපේක්ෂා කරන බවත්, කිසිදු අවස්ථාවක සිය පාර්ශ්වය අන්තර්ජාතික ප්‍රමිතීන් උල්ලංඝනය නොකළ බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිනිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
දෙරට අතර පවතින ආරවුල මධ්‍යයේ සිය රාජ්‍ය තාන්ත්‍රිකයන් 41 දෙනෙකු සහ ඔවුන්ගේ යැපෙන්නන් 42 දෙනකු ඉන්දියාවෙන් ඉවත් කර ඇති බවට කැනඩාව පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකශ කළ අතර, ඉන්දියාව විසින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ, “සමානාත්මතාවය ක්‍රියාත්මක කිරීම අන්තර්ජාතික සම්මතයන් උල්ලංඝනය කිරීමක් ලෙස හුවා දැක්වීමේ ඕනෑම උත්සාහයක් අපි ප්‍රතික්ෂේප කරමු” යනුවෙනි.
ඉන්දියාව සහ කැනඩාව අතර සබඳතාවල තත්ත්වය මෙන්ම, ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලදී කැනඩාවේ ක්‍රියාකාරිත්වය නවදිල්ලියේ සහ ඔටාවාහි අන්‍යෝන්‍ය රාජ්‍ය තාන්ත්‍රික පැවැත්මේ “සමානාත්මයක්” ඇතිකරනු ඇති බවයි.
සමානාත්මතාව ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාවේ ක්‍රියාමාර්ග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 11.1 වගන්තියට සම්පූර්ණයෙන්ම අනුකූල වන බවද විදේශ කටයුතු අමාත්‍යාශය පවසයි.
කාලිස්තානි ත්‍රස්තවාදී හර්දීප් සිං නිජ්ජාර්ට මාරාන්තික වෙඩි තැබීම පිටුපස ඉන්දීය රජය සිටින බවට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සැප්තැම්බර් මාසයේදී චෝදනා කිරීමෙන් පසුව ඉන්දියාව සහ කැනඩාව අතර සබඳතා පළුදු වී තිබේ.
ඉන්දියාව එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති අතර, එය ‘විකාරයක්’ සහ ‘පෙලඹවීමක්’ ලෙස හඳුන්වයි.
නිජ්ජාර් ඝාතනය පිළිබඳ චෝදනාව තහවුරු කිරීම සඳහා කැනඩාව තවමත් කිසිදු ප්‍රසිද්ධ සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart