
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවට රැගෙන යමින් සිටියදී මුහුදට අතහැර තිබූ රත්රං කිලෝග්රෑම් 32ක් ඉන්දියාව විසින් සොයාගෙන තිබේ.
ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ආදායම් බුද්ධි අධ්යක්ෂක කාර්යාලය (DRI) සහ රේගුව සම්බන්ධ කර ගත් ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම රත්රන් තොගය සොයා ගෙන ඇත.
ඉන්දීය රුපියල් කෝටි 20.2ක්(ශ්රී ලංකා රුපියල් කෝටි 80ක් පමණ) වටිනා මෙම රත්රන් ඉන්දියාවේ සිට ශ්රී ලංකාවට නීතිවිරෝධී ලෙස රැගෙන යමින් තිබූ බව වාර්තා සඳහන් කරයි.
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර හොර බඩු ප්රවාහනය කිරීම සම්බන්ධයෙන් ලැබුණු නිශ්චිත දැනුම්දීමක ප්රතිඵලයක් ලෙස මෙම මෙහෙයුම සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart