
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා දියුණු සංඥා පද්ධතියක් ස්ථාපනය කිරීම වෙනුවෙන් ඉන්දීය රජය අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක පළමු වාරිකය නිකුත් කර තිබේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මෙය දුම්රිය අංශයේ ඉන්දු -ශ්‍රී ලංකා සහයෝගීතාවයේ තවත් ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි.
මෙම ව්‍යාපෘතිය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය අප්‍රේල් මාසයේ මෙරට සිදුකළ සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ඒකාබද්ධව දියත් කර තිබිණි.
අමෙරිකානු ඩොලර් මිලියන 14.89ක වියදමින් ණය ව්‍යාපෘතියක් ලෙස මුලින් සැලසුම කරන ලද මෙම ව්‍යාපෘතිය පසුව 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයේදී ඉන්දීය රජය විසින් ප්‍රදානයක් බවට පරිවර්තනය කරන ලදී.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉන්දියානු රාජ්‍ය අංශයේ ආයතනයක් වන ඉර්කෝන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් විසිනි.
මේ යටතේ ඉන්දීය සහාය ඇතිව, උතුරු මාර්ගයේ ධාවන පථ පැයට කිලෝමීටර 100 දක්වා වන දුම්රිය වේගයකට යෑමට සරිලන පරිදි වැඩිදියුණු කරනු ඇත.
ඊට සමගාමීව දියුණු සංඥා පද්ධතියක් ස්ථාපනය කිරීමෙන් මගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කරන අතරම දුම්රිය සේවාවන්හි සංඛ්‍යාතය සහ කාර්යක්ෂමතාව වැඩි කෙරේ.
මෙම පද්ධතිය මඟින් එක් එක් කොටස තුළ දුම්රිය ස්ථාන වීඩියෝ තාක්ෂණයෙන් නිරීක්ෂණය කිරීම, නවීන පාලන මධ්‍යස්ථානයකින් මුළු කොටසම මධ්‍යගතව නිරීක්ෂණය කිරීම සහ දුම්රිය ස්ථානවල එකවර දුම්රිය පිළිගැනීම සහ යැවීම, මෙහෙයුම් ප්‍රශස්ත කිරීම සහ ප්‍රමාදයන් අවම කිරීම සඳහා පහසුකම් සපයයි.
ව්‍යාපෘතියේ මූලික කටයුතු ආරම්භ කර ඇති අතර, 2026 අගෝස්තු වන විට එය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart