
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක අැෆ්ගනිස්ථානය සමග ලබන 11 වැනිදා ආරම්භ වන තරග 03කින් යුත් පන්දුවාර 20 තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට ලබා දි තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නම්කළ එම සංචිතය සදහා විරාට් කෝලිද ඇතුළත් කර ඇත.
2022 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව රෝහිත් සහ කෝලි අන්තර්ජාතික පන්දුවාර 20 තරගයකට එක්ව නැති අතර, ජූනි මස පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
පන්දුවාර 20 ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට ලබාදිය යුතු බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි පවසා තිබේ.
එම කණ්ඩායමට විරාට් කෝලි ද ඇතුළත් විය යුතු බවද ඔහු සදහන් කර ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart