
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග තරග තුනකින් යුත් පන්දුවාර විස්ස තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (27) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් ලකුණු 43ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සාර්ථක වෙමින් පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 213ක් රැස්කළේය.
එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ නායක සූර්යකුමාර් යාදව් පන්දු 26කදී ලකුණු 58ක් රැස්කළ අතර පන්දු යැවිමේදී මතීෂ පතිරණ කඩුලු 04ක් බිඳහෙළීමට සමත්විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කඩුල්ලට සාර්ථක ආරම්භයක් ලබාගත්තද අනෙක් පිතිකරුවන් එය සාර්ථක කර ගැනීමට සමත් වුයේ නැත
අගනා ඉනිමක් ක්‍රිඩා කළ පැතුම් නිශ්ශංක ලකුණු 79ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් රැස්කළහ.
දෙරට අතර දෙවැනි පන්දුවාර විස්ස තරගය අද රාත්‍රි 7ට ආරම්භ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart