
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකාව සමග පැවැති තුන්වැනි පන්දුවාර 20 තරගය ජයගත් ඉන්දියාව තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරනු ලැබීය.
පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමූ අතර දෙවැනි තරගය ජයගත්තේ දකුණු අප්‍රිකාවයි.
ඊයේ පැවැති තුන්වන තරගය නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ සූර්ය කුමාර් යාදව්ගේ පිතිකරණය හමුවේ සහ කුල්දීප් යාදව්ගේ පන්දුයැවීම හමුවේ ඉන්දියාවට ජයහිමි විය.
පළමුව,පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළ කඩුලු 07ට ලකුණු 201ක් ලබාගත්තේය.
සූර්ය කුමාර් යාදව් සිය 05 වැනි පන්දුවාර 20 ශතකය වාර්තා කරනු ලැබූ අතර, ඊට හයේ පහර 08ක් සහ හතරේ පහර 07ක් ඇතුළත් විය.
ඔහු ලකුණු 100කට දැවීගිය අතර යසස්වි ජයිස්වාල් ලකුණු 60ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකා ඉනිම පන්දුවාර 13 යි පන්දු 05 කදී ලකුණු 95කට ඉන්දීය පන්දු යවන්නන් විසින් සීමාකළ අතර කුල්දීප් යාදව් පන්දුවාර 02යි පන්දු 05ක් තුළ කඩුලු 05ක් සහ රවින්ද්‍ර ජඩේජා කඩුලු 02ක් ලබාගත්හ.
දෙරට අතර එක්දින තරගාවලිය ජොහැන්ස්බර්ග් හිදී අනිද්දා (17) ආරම්භ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart