
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර මහාධිකරණය ඉදිරිපිටදී එරට පැරාමිලිටරි හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු අගමැතිවරයා අධිකරණයේ පෙනී සිටියේ දූෂණ චෝදනා මත වන අතර, එම චෝදනා දේශපාලන පළිගැනීමක් බව ඔහු පවසයි.
ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පෙර පැරාමිලිටරි හමුදා ඉස්ලාමාබාද් මහාධිකරණ පරිශ්‍රයට පහරදී ඇත.
ඉම්රාන්ගේ දේශපාලන පක්ෂය වන PTI ප්‍රකාශක ෆවාඩ් චෞද්රි ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ,සිය දේශපාලන නායකයා “නාඳුනන පුද්ගලයින් විසින් නාඳුනන ස්ථානයකට රැගෙන ගොස් ඇති” බවයි.
ඔහු පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී අගමැති ධූරයෙන් නෙරපා හරින ලද අතර, එතැන් සිට ඉක්මන් මැතිවරණ සඳහා ප්රචාරක කටයුතුවල නිරත විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart