
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රමිතියෙන් බාල ඉමියුනොග්ලොබියුලින් කුප්පි ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු කැබිනට් මණ්ඩලයේ සිටින බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට දන්වා සිටි නීතීඥ කාලිංග ඉන්දතිස්ස, හැකිනම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දතිස්ස වැඩිදුරටත් කියාසිටියේ, අධිකරණය කුමක් සිතුවත්, මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට නොගන්නා බවයි.
ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් සැබෑ වැරදිකරුවන් අත්අඩංගුවට නොගෙන අහිංසක ලෙස නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ තම සේවාදායකයා අත්අඩංගුවට ගත්තේ මන්දැයි ජනාධිපති නීතිඥ ඉන්දතිස්ස මෙහිදී ප්‍රශ්න කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර ඔහු නොවැම්බර් 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart