
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වැනි වාරිකය ලබන වසරේ ජනවාරි අග හෝ පෙබරවාරි මස මුලදී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක විශ්වාසය පළ කළේය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ලබන සතියේ (14) දිවයිනට පැමිණීමට නියමිත බවත් සාමාන්‍යයෙන් තුන්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට මාස තුනක් පමණ ගත වන බවත් ඔහු රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පවසා තිබේ.
මැතිවරණ දෙක හේතුවෙන් තුන්වැනි සමාලෝචනය ප්‍රමාද වූ බව පැවසූ ජනාධිපතිවරයා තුන්වැනි සමාලෝචනය කලින් නියමිත පරිදි සැප්තැම්බර් මාසයේදී ආරම්භ කළේ නම් දෙසැම්බර් වන විට එය අවසන් කළ හැකිව තිබූ බව ද පැවසීය.
තුන්වැනි වාරිකය ලැබීමෙන් පසු රජය යම් ආර්ථික ස්ථාවරත්වයක් අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart