
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා වැඩසටහනේ මීළඟ සමාලෝචනයේ වේලාව පිළිබඳ සාකච්ඡා කරන බවත් නව ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් නිවේදනය කර තිබේ.
එහි දැක්වෙන්නේ 2022 දී ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු රට ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන ඒමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මත ගොඩනැගීම සඳහා ජනාධිපති දිසානායක සහ ඔහුගේ කණ්ඩායම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවේ සහන සැලසීම සංසන්දනාත්මක බව තහවුරු කිරීමට යටත්ව, ශ්‍රී ලංකාව සහ අන්තර්ජාතික බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීම සාදරයෙන් පිළිගන්නා බවත් එය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැළකිව යුතු ප්‍රගතියක් නියෝජනය කරන බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වැනි සමාලෝචනයේ වේලාව පිළිබඳ ප්‍රායෝගිකව හැකි ඉක්මනින් නව පරිපාලනය සමඟ සාකච්ඡා කරන බවද අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart