
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ලබාගත් දේශපාලකයන්ගේ ණය කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් චෝදනා කරයි.
මෙම දේශපාලකයන් නොගෙවා පැහැරහැර ඇති විශාල ණය ප්‍රමාණ මෙලෙස කපාහැරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
“ලංකාවේ ආණ්ඩුවේ ප්‍රධාන බැංකුවල සමහර බොල් ණය බවට පත්වෙලා තිබෙන්නේ, එසේත් නැතිනම් නොගෙවන ණය බවට පත්වෙලා තියෙන සමහර ණය ලබාගත් අය තාම ව්‍යාපාර කටයුතු කරනවා. හෝටලයකට ණය ගන්නවා මාතලේ පැත්තේ ඇතැම් දේශපාලඥයෙක් හෝටලයේ ණය ගෙවන්නේ නැහැ. හැබැයි හෝටලය තියෙනවා. ඊළඟට නැගෙනහිර පළාතේ දේශපාලඥයෙක් තමන්ගේ ව්‍යාපාරවලට විශාල ණයක් ගන්නවා. ණය තියෙද්දි ඔහු ඒ ව්‍යාපාරයෙන් පැත්තකට වෙලා. වෙන ව්‍යාපාරයක් කරනවා. ඒ නිසා මේ වගේ අපේ ප්‍රධාන බැංකුවල නොගෙවූ ණය තියෙන විශේෂයෙන්ම බල සම්පන්න අයගේ ණය වහාම අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැදිය යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අස්සේ අර ණය ටික කපලා අරින්න සමහරු උත්සහා කරනවා. ඒක වැරදි ඒ නිසා අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම එකක් හැබැයි මේ මෙතෙක් කල් නොගෙවන බරපතළ ණය තොගයක් තියෙනවා මේවා සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart