
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නිකුත් කළ සිතාසියක් බල රහිත කර අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
ඒ අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එහි තිබී රුපියල් මිලියන 17 කට අධික මුදල් සොයා ගත් සිද්ධියේ නඩුවට අදාලවයි.
මේ අතර මැයි 09 ගාලුමුවදොර ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධියට අදාල සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා නිකුත් කළ ලිපියක්ද අභියාචනාධිකරණය බල රහිත කර තිබේ.
එසේම මැයි 9 ගාලුමුවදොර සිද්ධියට අදාළව දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම වළක්වමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අභියාචනාධිකරණයෙන් තවත් රිට් ආඥාවක් නිකුත් කර ඇති අතර, මෙම නියෝග නිකුත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කළ ඉල්ලීම් සළකා බලමිනි..
මේ අතර, වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ලබා දී ඇති සේවා දිගුව අදින් අවසන් වීමට නියමිතව තිබේ.
ඔහුට තවත් සේවා දිගුවක් ලබාදෙන්නේද නැද්ද යන්න මෙතෙක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශවී නොමැත.
කෙසේවෙතත් මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර විදේශගතව සිටින ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණිමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණයක් ගනු ඇතැයි පැවැසේ.
පොලිස්පතිධූරය සඳහා නව ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එහි අනුමැතිය ලබාගත යුතුය.
මීළඟ පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන නිලධාරීන්ගේ නම් යෝජනා වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart