June 24, 2025

ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාම ගිවිසුමකට එකඟ වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරන ප්‍රකාශ ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසන්නේ, සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක නොවන නමුත් ඊශ්‍රායලය ප්‍රහාර නතර කළ හොත් පමණක් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම නතර කළ හැකි බවයි.

X හි සටහනක් තබමින් ඉරානය සහ ඊශ්‍රායලය සම්පූර්ණ සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් අරාග්චි ප්‍රතික්ෂේප කළේය.

ඊශ්‍රායලය සිය ගුවන් ප්‍රහාර එරට වේලාවෙන් අලුයම 4 ට නතර කළහොත් ඉරානය ද සිය ප්‍රහාර නවත්වන බව ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසීය.

හමුදා මෙහෙයුම් නැවැත්වීම පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ පසුව බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

සියලු ඉරාන ජාතිකයන් සමඟ එක්ව, ඔවුන්ගේ අවසන් ලේ බිඳුව දක්වා සිය ආදරණීය රට ආරක්ෂා කිරීමට සූදානමින් සිටින සහ අවසාන මොහොත දක්වා සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වූ නිර්භීත සන්නද්ධ හමුදාවන්ට ස්තූතිවන්ත වන බව ද අරාග්චි පවසා ඇත.