
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා අසනීප බවක් දැනෙන පුද්ගලයන් මුහුණු ආවරණ පැළඳීම සහ නිතිපතා අත් සේදීම කළයුතු බව ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයෙක් වන මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය චන්දිම ජීවන්දර, නව කොවිඩ්19 ප්‍රභේදයක් වන NB.1.8.1 ලොව පුරා රෝගීන් වැඩිවීමට හේතු වන බැවින් මෙම උපදෙස ලබා දුන්නේය.
“Omicron හි උප පරම්පරාවක් වන මෙම ප්‍රභේදය ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ 2025 ජනවාරි මාසයේදී. එතැන් සිට බොහෝ රටවලින් සොයාගෙන තිබෙනවා. මැයි මැද වන විට, ගෝලීය කොවිඩ්-19 රෝගීන්ගෙන් 10.7%ක් පමණ එම ප්‍රභේදය වැළඳුණු අයයි. NB.1.8.1 රෝග ලක්ෂණ උගුරේ අමාරුව, උණ, මෘදු කැස්ස, තෙහෙට්ටුව, මාංශ පේශි කැක්කුම සහ නාසය හිරවීම වැනි පෙර කොවිඩ්-19 ප්‍රභේදවල රෝග ලක්ෂණවලට සමානයි. නව සහ වඩාත් පොදු රෝග ලක්ෂණයක් වන්නේ හඬේ ගොරෝසු බව. එය අනෙකුත් ප්‍රභේදවලින් මෙම ප්‍රභේදය වෙන්කර හඳුනා ගැනීමට උපකාරී වෙන්න පුළුවන්, ”ඔහු X සටහනක පැවසීය.
තවද, මහාචාර්ය ජීවන්දර පැවසුවේ නව ප්‍රභේදය පෙර ප්‍රභේදවලට වඩා දරුණු රෝගාබාධ ඇති කරන බවක් නොපෙනෙන බවයි.
විශේෂයෙන් එන්නත් ලබා ගත් පුද්ගලයන් තුළ ආසාදන මෘදු වශයෙන් දැකිය හැකි වේ.
“කලබල විය යුතු නැහැ, නමුත් අපි ප්‍රවේශම් විය යුතුයි,” යනුවෙන් ඔහු පැවසීය.
“ඔබ අසනීප වූ විට මුහුණු ආවරණ පැළඳීම, නිතර අත් සේදීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම ආරක්ෂිතව සිටීමට වැදගත් පියවර වනවා,” යැයි ජීවන්දර තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart