
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරීන් බව කියමින් සිවිල් ඇඳුමෙන් සැරසී වාහන සෝදිසි කිරීමට පැමිණෙන පුද්ගලයන්ගේ හැඳුනුම්පත පරීක්ෂා කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව වාහන රියැදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
සිවිල් ඇඳුමෙන් සැරසී මෙවැනි රාජකාරියේ නියැලීමට රහස් පොලිස් නිලධාරීන් මෙන් විශේෂ පොලිස් නිලධාරීන්ට නීතියෙන් හැකියාවක් ඇතත්, වාහන සෝදිසි කිරීමට පැමිණෙන කවුරු හෝ පිළිබඳව සැකයක් ඇති නම් ඔහුගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීමට ඕනෑම රියැදුරකුට හැකියාවක් ඇති බව ඔහු පවසයි.
ඇතැම් පිටස්තර පුද්ගලයන් පොලිසියේ නම විකුණා අල්ලස් ගැනීමට හෝ වාහනවල ගමන් ගන්නා පුද්ගලයන්ගේ දේපළ පැහැරගැනීමට ඉඩ තිබෙන නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත.
මේ අතර, කැස්බෑව පොලිස් වසමේ මඩපාත මාර්ග බාධකයේ දී පොලිස් නිලධාරීන් යැයි කියමින් වාහන සෝදිසි කළ පුද්ගලයන් තිදෙනකු කැස්බෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සිවිල් ඇඳුමින් සැරසුණු මෙම පුද්ගලයන් තිදෙනා මාර්ගයේ ධාවනය වූ වාහන නවතා රියැදුරු බලපත්‍ර මෙන්ම මත්පැන් පානය කළ රියැදුරන් අත්අඩංගුවට ගන්නා මෙහෙයුමක පොලිස් නිලධාරින් බව හඟවා කටයුතු කර ඇත.
ඒ අතරතුර වාහනවල ගමන් කරන රියැදුරන්ගේ මුදල් ඇතුළු දේපළ කොල්ලකෑමට තැත්කරද්දී ඒ මොහොතේ එම ස්ථානයට පැමිණි පොලිස් වාහනයේ නිලධාරීන් මෙම තිදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යද්දී මොවුන් එම ප්‍රදේශයේ සොරුන් බව අනාවරණය කරගෙන තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart