
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම නීතිවිරෝධී බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ප්‍රකාශ කළේය.
අද පැවැති විශේෂ ජනමාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා පෙන්වාදුන්නේ, සිය තහනම පැනවීමේදී ICCය නියමිත ක්‍රමවේද අනුගමනය කර නොමැති බවයි.
ක්‍රිකට් තහනම පනවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ICCයෙන් ඉල්ලා සිටි බවටද ඔහු චෝදනා කළේය.
“ICC මෙම තීරණය ගෙන තිබෙන්නේ අත්තනෝමතික ලෙස. මෙම තහනම පැනවූයේ කුමන පදනමක් මතදැයි අපි දන්නේ නෑ. සාමාන්‍යයෙන් කණ්ඩායමක් තහනම් කිරීමට පෙර අනුගමනය කළයුතු දිගු ක්‍රියා පටිපාටියක් තිබෙනවා. සියලුම සාමාජික රටවල් ඡන්දය ප්‍රකාශ කරන වාර්ෂික මහා සභා රැස්වීමේදී ඒ සඳහා තීරණය කළයුතුයි” යැයි ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
එමනිසා මෙම තහනම සදාචාරාත්මක නොවන බවද ඇමැතිවරයා අවධරණය කළේය.
තහනම ආපසු හැරවීමේ පළමු පියවර ලෙස ICC හි ආරවුල් විසඳීමේ කමිටුව හමුවට යන බව ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart