June 19, 2025

ඊශ්‍රායලයේ හැකර්වරුන් විසින් ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

ඉරාන ජනමාධ්‍ය වාර්තා කළේ අනතුරුව රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ කෙටි වේලාවක් කාන්තා විරෝධතාවල දර්ශන විකාශය වූ බවයි.

අනතුරුව එහි ඉරාන පාලනාධිකාරියට එරෙහිව වීදි ​​බැසීමට ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිණි.

ඉරානයේ රාජ්‍ය රූපවාහිනිය පසුව නරඹන්නන්ට අනතුරු ඇඟවූයේ, මෙය චන්ද්‍රිකා සම්ප්‍රේෂණය කඩාකප්පල් කරන ‘සියොන්වාදී සතුරා’ විසින් සිදුකරන ලද සයිබර් ප්‍රහාර හේතුවෙන් සිදුවූවක් බවයි.

ඊශ්‍රායලයේ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක Jonathan Harounoff ද රූපවාහිනිය කඩාකප්පල් කිරීමේ වීඩියෝවක් සිය සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ පළකර තිබිණි.

එම වීඩියෝවේ පැහැදිලිවම 2022 සිට ඉරාන බලධාරීන් විසින් රඳවාගෙන සිටි මහ්සා අමිනී නම් කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් රජයට එරෙහි ඉරානයේ ජනතාව පැවැත්වූ විරෝධතා දැක්වෙන දර්ශන අඩංගු විය.

මෙම සයිබර් ප්‍රහාරය වාර්තා වූයේ ඉරානය තුළ සීමිත අන්තර්ජාල සේවාවක් ක්‍රියාත්මක පසුබිමක් තුළය.

අන්තර්ජාල පහසුකම් සීමාකිරීමට හේතු දක්වමින් ඉරාන රජය පැවසුවේ, ඊශ්‍රායලය හමුදාමය අරමුණු සඳහා ජනමාධ්‍යය භාවිත කරන බැවින් එම සීමාකිරීම් සිදුකරන බවයි.