
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම කාර්ය භාරය අවසන් කර ඇති බවත් නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජනාධිපතිවරණයේදී රටේ ඉරණම තීරණය කිරීම ජනතාව විසින් සිදු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළේය.
“ආර්ථිකය ස්ථාවර මාවතට ගෙන ඒමේ කාර්යය අවසන් කර ඇති නිසා මට තවදුරටත් රටේ අනාගතය අල්ලන් ඉන්න අවශ්‍ය නැහැ. රටේ අනාගතය තිබෙන්නේ ජනතාව අතේ. මැතිවරණ කොමිෂන් සභාව ළඟදීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරයි. මැතිවරණයේදී ජාතියේ ඉරණම ජනතාව තීරණය කළ යුතුයි. අපේ ගමනේ යා යුතුද නැතිනම් වෙනත් මගක යා යුතුද යන්න ඔබ තීරණය කරන්න.” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.
“කවුරුවත් භාරගන්න අකමැති වූ වෙලාවේ මට රට භාර ගැනීමට සිදු වුණා. ජවිපෙ හොයාගන්නත් නැතුව ගියා. අනෙක් අයත් අතුරුදහන් වුණා. මම ලෝක බැංකුව, ADB සහ IMF සමඟ කතා කළා. මම භාරගන්න කලින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ආධාර ලබාගන්න සමත් වුණා. පසුගිය සමයේ සිටි එජාප නායකයන් පසුපස යමින් මම මගේ යුතුකම ඉටු කළා,” යැයි ද ජනාධිපතිවරයා පැවසුවේය.
“තවදුරටත් සහනාධාර දෙමින් කටයුතු කරන්න බැහැ. මම මේක 2020 මැතිවරණ කාලෙත් කිව්වා. අපේ මතවාදය පිළිගත්තා නම් රට අර්බුදයට යන්නේ නැහැ. නමුත් එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් වෙනත් මාර්ගයක ගිහින් අලුත් පක්ෂයක් හැදුවා. අද පවතින බොහෝ පක්ෂ එජාපයෙන් කැඩී ගිය කණ්ඩායම් නිසා අපි සියලු දෙනාටම ඉක්මණින් ආර්ථික ප්‍රතිසංස්කරණ ගේන්න පුළුවන්” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart