
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉඩම් හිමි වැවිලිකරුවකු වූ සැමියා ගිනි අවිය පිරිසුදු කිරීමේදී එයින් නිකුත් වූ වෙඩි උණ්ඩයක් ගුරු බිරිඳට වැදී ඇය බරපතළ තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (6) අලුයම මියගොස් ඇතැයි කිරිඳිවැල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කොස්වත්ත පාර රඳාවාන ප්‍රදේශයේ වීරක්කොඩි ආරච්චිලාගේ ශාන්ති වීරක්කොඩි නමැති 51 හැවිරිදි ගුරුවරියකි.
කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරන මෙම ගුරුවරියගේ ඉණ ප්‍රදේශයට වෙඩිවැදී තිබෙන බව කිරිඳිවැල පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටි ගුරුවරිය ඇයගේ සැමියා සහ පුතකු මෝටර් රථයේ දමාගෙන රඳාවාන ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් පසුව වතුපිටිවල මූලික රෝහලට රැගෙන යන අතර වාරයේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරින් ඉඩම් හිමි වැවිලිකරු සහ ඔහුගේ පුතා තුවාල ලබා ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
පසුව අවට සිටි පිරිසක් වහා ක්‍රියාත්මක වී වෙඩි වැදී බරපතළ තුවාල ලබා සිටි ගුරුවරිය අනතුරින් තුවාල ලබා සිටි ඇයගේ සැමියා සහ පුතා වතුපිටිවල රෝහලට රැගෙන ගොස් බාර දී ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් සැමියා රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ පුතාට සුළු තුවාල වී ඇතැයි පොලිසිය කියයි.
ඉඩම් හිමි වැවිලිකරු පෙරේදා රාත්‍රී දහයට පමණ ඔහුට අයත් බෝර දොළහ වර්ගයේ විදේශයක නිෂ්පාදිත ගිනි අවිය පිරිසුදු කරද්දී ඒ අසල රැඳී සිටි බිරිය වෙඩි වැදීමට ලක්වී ඇති බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලිසිය කීය.
බිරිඳට වෙඩි වැදී මියයෑමේ මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීමට කිරිඳිවැල පොලිසිය කටයුතු කරගෙන යයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart