
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වලසුන්ගේ ප්‍රහාරවල කැපීපෙනෙන වැඩිවීමක් හේතුවෙන් වලසුන් මරා දැමීම සඳහා දඩයම්කරුවන් බඳවා ගැනීමට ජපන් රජය සැලසුම් කරයි.
එරට පරිසර අමාත්‍යාංශය පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ නේවාසික ප්‍රදේශවලට ගොස් මිනිසුන්ට පහර දෙන වලසුන් මැඩපැවැත්වීම සඳහා බලපත්‍රලාභී දඩයම්කරුවන් සහ අනෙකුත් පුද්ගලයන් බඳවා ගැනීමට අරමුදල් වෙන් කරන බවයි.
ඉහළ යමින් තිබෙන වලස් ගැටලුව විසඳීම සඳහා ඉහළ මට්ටමේ රැස්වීමක් පැවැත්වීමෙන් පසු යෝජනා කරන ලද පියවර අතර මෙම පියවර ද වේ.
මෙම වසරේ වලස් ප්‍රහාරවලින් පුද්ගලයන් දොළොස් දෙනෙකු මිය ගොස් ඇත.
2000 වසරේ පමණ සිට මෙවැනි ප්‍රහාර පිළිබඳ වාර්තාවීමට පටන් ගත් දා සිට ජපානයෙන් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව මෙයයි.
හොක්කයිඩෝ හි පුවත්පත් බෙදා හරිමින් සිටි පුද්ගලයකු සහ ඉවාටේ හි ඔහුගේ ගෙවත්තේ මියගොස් සිටි 67 හැවිරිදි පුද්ගලයකු ද ඒ අතර වේ.
වලසුන් මහජන ආරක්ෂාවට බරපතළ තර්ජනයක් ලෙස හඳුන්වන රජය, පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ රයිෆල්වලින් වලසුන්ට වෙඩි තැබීමට අවසර දීම ද සළකා බලමින් සිටී.
ඉහළ යන වලස් ප්‍රහාරවලට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ලැයිස්තුව අවසන් කිරීමට නොවැම්බර් මැද භාගය වන තෙක් නිලධාරීන්ට කාලය තිබේ.
වලසුන් සුපිරි වෙළඳසැල් සහ උසස් පාසල්වලට කඩා වැදී පදිංචිකරුවන්ට පහර දෙන ආකාරය ද නිරීක්ෂණය වී තිබේ.
ජපානයේ වලසුන් වර්ග දෙකක් සිටී.
ජපන් කළු වලසා සහ හොක්කයිඩෝ දූපතේ දක්නට ලැබෙන විශාල, සාමාන්‍යයෙන් වඩාත් ආක්‍රමණශීලී දුඹුරු වලසා එම වර්ග දෙකයි.
මෙම වසරේ වලසුන් විසින් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ජනප්‍රිය සංචාරක ස්ථානයක බස් නැවතුම්පොළක් අසලදී විදේශිකයකුට ද පහර දී තිබේ.
උතුරු ජපානයේ විශාල කඳු වැටි ඇති අකිටා ප්‍රාන්තයේ මෙම ගැටළුව විශේෂයෙන් ප්‍රකාශ වන අතර එහි වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් සිදු වේ.
වලසුන් අල්ලා ගැනීමට සහ පලවා හැරීමට අකිටා ප්‍රාන්ත රජයට සහාය වීම සඳහා ජපානයේ ස්වයං ආරක්ෂක හමුදා යොදවනු ඇති බව බලධාරීන් මෙම සතියේ නිවේදනය කළේය.
වත්මන් නීති යටතේ භටයන්ට වලසුන්ට වෙඩි තැබීම තහනම් කර ඇතත් ඔවුන්ට වලසුන් ඇල්ලීමට උගුල් ඇටවීම සහ මියගිය වලසුන් ප්‍රවාහනය කිරීම මගින් වලස් දඩයම්කරුවන්ට උදව් කළ හැකිය.
අකිටා ආණ්ඩුකාර කෙන්ටා සුසුකි පැවසුවේ වලස් ගැටලුවට මුහුණ දෙන පුද්ගලයන් වෙහෙසට පත්ව ඇති බවයි.
ජපානයේ දඩයම්කරුවන් වයසට යමින් සිටින අතර, ඔවුන්ගේ සංඛ්‍යාව ද අඩු වෙමින් පවතී.
වලසුන් වැඩි වැඩියෙන් මිනිස් වාසස්ථානවලට සැරිසරන බැවින් මෙය මිනිසුන් ප්‍රහාරවලට ගොදුරු වීමේ අවදානම වැඩි කිරීමට හේතු වී තිබේ.
දේශගුණික විපර්යාස සමග මතුව ඇති ආහාර හිඟය හේතුවෙන් කුසගින්නෙන් පෙළෙන සතුන් මිනිසුන්ගේ නිවාසවලට තල්ලු කළ හැකි බව විශේෂඥයෝ පවසති.
නේවාසික ප්‍රදේශවල ජනගහනය අඩුවීම ද සාධකයක් ලෙස දක්වා ඇත.
සැප්තැම්බර් මාසයේදී, ජපානය සිය තුවක්කු නීති ලිහිල් කළේ, නේවාසික ප්‍රදේශවල වලසුන්ට වෙඩි තැබීම පහසු කිරීම සඳහා ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart