
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමට පත්කළ විමර්ශන කොමිසම සිය නීත්‍යනුකූල නියෝගයෙන් බැහැරව කටයුතු කර ඇති බව අභියාචනාධිකරණය තීන්දු කළේය.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කොමිසමේ නිර්දේශ සහ සොයාගැනීම් අවලංගු කරමින් අභියාචනාධිකරණය විසින් පසුගිය සඳුදා රිට් ආඥාව නිකුත් කර තිබිණි.
කොමිසමේ සෙසු සාමාජිකයෝ අතර විශ්‍රාමලත් අභියාචනාධිකරණය විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සිටියහ.
මොවුන් තිදෙනාම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ද සඳහන් කර තිබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු විවිධ පුද්ගලයන් විසින් විමර්ශන කොමිසමේ සොයාගැනීම් සහ නිර්දේශවලට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් හතක් සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.
මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, ජනාධිපති නීතිඥවරුන් වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ ජේ.සී. වැලිඅමුණ ඇතුළු කොමිෂන් සභා වාර්තාවේ සඳහන් අනෙකුත් අය සම්බන්ධයෙන් විමර්ශන කොමිසම විසින් කරන ලද සොයාගැනීම් සහ නිර්දේශ ද අභියාචනාධිකරණය විසින් අවලංගු කරන ලදී.
අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න, D.N. සමරකෝන් සහ මොහොමඩ් ලෆාර්ගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළේ, කොමිසමේ සොයාගැනීම් සහ නිර්දේශ ඇතුළත් වාර්තාව ස්වභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බවයි.
ඉදිරිපත් වී ඇති නිර්දේශ “අතිශයින්ම අසාධාරණ බවත්, සාධාරණ විචක්ෂණශීලී පුද්ගලයකු තමන් ඉදිරියේ තිබෙන තනතුරු සහ සාක්ෂි අනුව පැමිණෙන තීරණයන් ඉක්මවා යන” බවත් විනිසුරුවරුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී කරුණු දක්වමින් නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇති බවයි.
කෙසේවෙතත්, පෙත්සම්කරුවන්ට අවශ්‍ය වූයේ කොමිසමේ සොයාගැනීම් සහ නිර්දේශ අවලංගු කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
මෙම පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව, විමර්ශන කොමිසමේ සොයාගැනීම්, තීරණ සහ නිර්දේශ අවලංගු කරමින් අධිකරණය විසින් සර්ෂියෝරාරි ආඥාවක් නිකුත් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart