
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් බව කියමින් ගුජරාට ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනාගේ කොළඹ සහ මීගමුවේ නිවාස විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් විසින් ඊයේ (21) පූර්ණ සෝදිසියකට ලක්කරන ලදැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ ද, රහස් පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ ද කණ්ඩායම් තුනක් මෙම සෝදිසිය කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පවසා ඇත.
කෙසේවෙතත්, මෙම නිවෙස්වල තිබී සැකකටයුතු කිසිවක් හමුනොවූ බව ද එම පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසිණි.
ඉන්දියාවේ ගුජරාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අයි.එස්.අයි. එස්. ත්‍රස්තවාදීන් යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් සිව්දෙනාගේ කණ්ඩායමේ නායකයා ලෙස සැළකෙන මීගමුව ප්‍රදේශයේ පුද්ගලයා පසුගිය වසරේදී අයිස් මත්ද්‍රව්‍ය සමග මීගමුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද අයකු යැයි පොලිසිය සඳහන් කරයි.
එම නඩුව අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතින බව ද පොලිසිය කියයි.
සැකකාර පුද්ගලයාගේ පියා ස්වර්ණාභරණ වෙළෙඳසැලක් පවත්වාගෙන යන අයකු යැයි ද පැවැසේ.
මෙම සිව්දෙනාම පසුගිය 19 වැනිදා කටුනායක ගුවන්තොටුපොළෙන් සංචාරක වීසාවලින් ඉන්දියාව බලා ගොස් ඇති බව ගුවන්තොටුපොළේ උසස් නිලධාරියෙක් කීය.
කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart